ඉන්දියාවේ මියගිය ගණන 140කට අධිකයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 140 ට වඩා ඉහළ ගොස් ඇතැයි එරට රාජ්‍ය නිලධාරීන් සදහන් කරයි.

ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මහාරාෂ්ට්‍ර , කරනාටක සහ කේරළ යන ප්‍රාන්තවලට ය. ඉන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් අවතැන්ව සිටි.

විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට සහන කණ්ඩායම් 173 ක් යොදවා ඇති බව වාර්තාවේ. ගංවතුරින් ඇතැම් නිවාස අඩි 12 ක් පමණ යට ව පවති.

මෝසම් වැසි සමය සැප්තැම්බර් මස දක්වා දීර්ඝවීමත් සමග බලපෑමට ලක්වුවන් තවදුරටත් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය වසරේ ඉන්දියාවට බලපෑ ගංවතුරෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =