ගම්පෙරළියෙන් රුපියල් බිලියන 48 ක වැඩ

(කොළඹ, ලංකාපුවත්) –ගම්පෙරළිය වැඩසටහන යටතේ දිවයින පුරා සංවර්ධන කටයුතු සඳහා පසුගිය මාස 7 ක කාලය තුළදී රුපියල් බිලියන 48කට වැඩි මුදලක් වෙන්කර ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මාතර පරවිදුපත පාලම හා වෙරළ උද්‍යානය නවීකරණය සඳහා මුල්ගල තැබිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 56 ක් වෙන්කර තිබේ. මාස 3 ක කාලයක් ඇතුළත නවීකරණ කටයුතු අවසන් කරන බව ද ඒ මහතා කියාසිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *