(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා සිදු කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් මේ වන විට බීමත් රියදුරන් 8333ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (11) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 186ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
පසුගිය 2019.07.05 දින සිට අද (12) දක්වා ගතවූ පැය 24ක කාලය තුළ දී සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.