කොබෙයියන්ට රාජාලියන් වෙන්න බෑ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –කුමන ස්වරූපයෙන් පැමිණිය ද රට විනාශ කරන්නන් හඳුනා ගනිමින් ඔවුන් පරාජය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල නගර ශාලාවේ පැවති වන්දි ප්‍රදානය කිරීමේ උත්සවටය එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පසුගිය වසරේ යල කන්නයේ නියඟයෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ගෙවීම ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ යළ කන්නයේ වී වගාවට සහ බඩඉරිගු වගාවට නියගයෙන් එල්ලවූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමට රජය රුපියල් කෝටි දාහතරහමාරක මුදල් වෙන් කර තිබේ. ඒ ගොවීන් 6659 දෙනෙකු වෙනුවෙනි. එය සංකේතවත් කරමින් ගොවීන් දහසකට ආසන්න ප්‍රමාණයකට රුපියල් මිලියන 40 ක මුදලක් ප්‍රදානය කෙරුණි.

ඉදිරි දින කිහිපය තුළ සියලුම ගොවීන්ට වන්දි ගෙවා නිම කිරීමට රජය මේ වන විට කටයුතු සම්පාදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *