ජැකලින් මෙවර උපන්දිනය ලංකාවේ සමරයි

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් නිළි සහ ශ්‍රී ලාංකික රූ රැජිනක්වන ජැකලින් ෆර්නැන්ඩස් ඇයගේ මෙවර උපන්දිනය ශ්‍රී ලංකාවේ සමරා තිබේ.

සිය පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියන් 15දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ඇය ඊයේ(11) දිනට යෙදී තිබූ උපන්දිනය සමරා තිබුනි.

ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිනමල් හෝටල් සමූහය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ආරම්භ කළ ‘බ්‍රින්ග් අ ෆ්‍රෙන්ඩ් හෝම්‘ (Bring a Friend Home – BAFH ) වැඩසටහනේ පළමු අමුත්තිය ලෙසය. මෙම වැඩසටහන මගින් සිදුකරනුයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා සිය විදෙස් මිතුරන් නම් කිරීමට දෙස් – විදෙස් ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට වෙසනෙ විදේශිකයන් දිරිමත් කිරීමකි.

ජැකලින් සිය සංචාරය ත්‍රිකුණාමලයේ පිහිටි ට්‍රින්කෝ බිලූ හෝටලයේ සිට මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

මෙම අපූර්ව වැඩසටහනේ කොටසක් බවට පත්වීමට හැකිවීම පිළිබඳ තමා සතුටුවන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සඳහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කාර්යභාරයක් ඉටු කිරීමට ඇති සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම වැඩසටහන දකින බවත් ජැකලින් පවසයි.

ඇයගේ සංචාරයේ කොටසක් ලෙස, ජැකලින් සිනමන් ට්‍රින්කෝ බ්ලූ හෝටලයේ වෙරළ තීරයේ දී බාබකියු උපන්දින රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වා තිබේ. අගෝස්තු 14වනදා දක්වා ඇය ශ්‍රී ලංකාවේ දී මෙම වැඩසටහනට එක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *