බලංගොඩ, හාගල රක්ෂිතයේ ගින්නක් මැඩපවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – බලංගොඩ, හාගල රක්ෂිතයේ ඊයේ (11) පස්වරුවේ හටගන්නා ලද හදිසි ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බලංගොඩ පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇත. ගින්නෙන් රක්ෂිතයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් විනාශවී ඇති අතර කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.

බංලගොඩ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *