රු. මිලියන 25ක කේරළ ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –කන්කසන්තුරය, කීරමලය ප්‍රදේශයේ අද (13) උදැසන 06.30ට පමණ සිදු කළ සොදිසි මෙහෙයුමකදී කෙරළ ගංජා කිලෝ 80ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *