බෝම්බ බියක් නිසා දිල්ලි ගුවන් තොටුපල පැයක් වැසේ

(කොළඹ, ලංකාපුවත්) –බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කටයුතු පැයකට අධික කාලයකට නතර කිරීමට සිදුව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කිසියම් පුද්ගලයෙකු ඊයේ (12) රාති‍්‍රයේ ගුවන් තොටුපොලෙහි දෙවන පර්යන්තයේ බෝම්බයක් ඇති බවට දුරකථන ඇමතුමක් ලබාදෙමින් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක අංශ පර්යන්තයේ සිටි සියලූ මගීන් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත. පසුව පැයකට අධික කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණු නමුත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකි වී නැහැ.

එම දුරකතන ඇමතුම ව්‍යාජ ඇමතුමක් බව පසුව තහවුරු කර ගෙන ඇත. පැය දෙකකට ආසන්න කාලයකට පසු ගුවන් තොටුපොලේ කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.

කෙසේ නමුත් පූර්වාරක්‍ෂක පියවරක් ලෙස පොලිසිය තවමත් සෝදිසි කිරීම් සිදු කරමින් සිටි බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *