උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක පැමිණීම වර්ධනය වීමත් සමග උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව එහි නිලධාරීන් සඳහන් කරයි.

උඩවලව වනෝද්‍යානයේ දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 15 ඉක්මවන බව උද්‍යාන භාරකරු කෝකිල හරේන්ද්‍ර මහතා සඳහන් කළේය.

දිනපතා 400 කට වැඩි විදේශ සංචාරකයින් පිරිසක් වනෝද්‍යානයට පැමිණේ. දේශීය සංචාරකයින් ද දෙදහස් එකසියයකට වැඩි පිරිසක් දිනපතා පැමිණෙන බව හරේන්ද්‍ර මහතා කියාසිටියේය.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයත් සමග සෆාරි ජීප් රථ රියදුරන්ගේ ආදායම් තත්ත්වය ද ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *