වී මිල ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –වී කිලෝවක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 41ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 දක්වාද, රුපියල් 38කට පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43 දක්වාද මිල සංශෝධනය වී ඇත.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත් සංශෝධිත මිලට අදාළව කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට නියමිත බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *