චීන ජනරජයේ 40 වසරක ඉතිහාසය ගැන ඡායාරූ ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) –මහජන චීන ජනරජයේ 40 වසරක විවෘත ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කරණ, ඉතිහාසය, අත්දැකීම් හා ප්‍රතිලාභ පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනය හා විශේෂ සම්මන්ත්‍රණය, හෙට(16) ප.ව. 3.00 ට, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් ශාලාවේ දී පැවැත්වේ.

මෙම ඡායාරූප ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය , ශ්‍රී ලංකා මහජන චීන තානාපති කාර්යාලයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් සංවිධානය කරයි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථීක ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගි වන අතර ගෞරවණීය ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා මහජන චීන තානාපති චෙන් ෂුයියුවාන් මහතා සහභාගි වේ.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා විසිනි. මෙහි පිළිගැනීමේ කතාව හා අරමුණ පැහැදිලි කිරීම ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති මහාචාර්ය ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා විසින් පවත්වනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *