මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන්නන් සෙවීමට ඛේට පරීක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් හඳුනාගැනීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ ඛේට පරීක්ෂණයක් සිදුකිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු යොදා තිබෙන බව වාර්තා වේ.

පෞද්ගලික සහ ශ්‍රී ලංගම බස් රථ රියදුරන් ඉලක්ක කරගෙන මේ මස අවසානයට පෙර එම නව වැඩසටහන ආරම්භ කරන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *