මහනුවර ඇසල මංගල්‍යය සාර්ථකව අවසන්

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික මහනුවර ඇසල මහා පෙරහර මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත් විය. ඒ ඊයේ (14) රාත්‍රියේ වීදි සංචාරය කළ අවසන් රන්දෝලි පෙරහරින් පසුව අද අලුයම සිදු කළ දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුවය.

දින ගණනාවක් පුරා පැවති මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (14) රාත්‍රියේ විථි සංචාරය කළේය. මියන්රාජා හා බුරුමරාජා යන දෑල ඇතුන් සමඟ කතරගම වාසනා හස්තියා සධාතුක පෙරහර කරඩුව වැඩම කරවමින් රාත්‍රී 08 පසුවී මිනිත්තු 05 ක යෙදුණු සුබ මොහොතින් පෙරහර ගමන් ආරම්භ කළේය.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කළ පෙරහර රජවීදියෙන් ඉහලට ඇතුළු විය. අනතුරුව අද (14) අලුයම 02 පසුවී මිනිත්තු 12ට යෙදුනු සුබමොහොතින් නාත, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාල පෙරහර සමගින් එක්වූ දළදා පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මලුව විහාරයට ගොස් පෙරහර කරඩුව තැන්පත් කිරීම සිදුකළේය. ගැටඹේ දිය කපනා ගංතොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරුණේ ඉන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =