ඉන්දීය ධීවර යාත්‍රා 125ක් නාවික හමුදා භාරයේ

(කොළඹ, ලංකාපුවත්) –නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීම නිසා අත්අඩංගුවට පත් ඉන්දීය ධීවර යාත්‍රා 125 ක් කරෙයිනගර් නාවික හමුදා භාරයේ තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.

මෙසේ මෙම ධීවර යාත්‍රා මෙසේ පැමිණීම පාරිසරික මෙන්ම සාගරික ගැටලුවලට මග පෑදීමක් විය හැකි බැවින් නීතිවිරෝධී ලෙස ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම පාලනය කිරීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිසි පියවර ගන්නා බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිතු දම රැකගනිමින් දෙරටේ නියෝජිතයින් අතර සාකච්ජා කර මෙම ඉන්දීය ධීවර ගැටළුවට විසදුම් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යතුමා සදහන් කරයි..

රාජ්‍ය අමාත්‍යතුමා මේ බව පැවසුවේ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවී ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව කරෙයිනගර් නාවික හමුදා භාරයේ ඇති ධීවර යාත්‍රා නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය .

උතුරු මුහුදු ප්‍රදේශයේ සංචාරය කරමින් ධීවර කර්මාන්තය හා ඊට එල්ලවන බලපෑම් පිළිබද සොයාබැලූ රාජ්‍ය අමාත්‍යතුමා කරෙයිනගර් නාවික හමුදා කදවුර භාරයේ රදවා ඇති මෙම ඉන්දීය යාත්‍රා ද නිරීක්‍ෂණයට ලක් කළේය . එලෙස කරෙයිනගර් නාවික හමුදා කදවුර භාරයේ රදවා ඇති ඉන්දීය ධීවර යාත්‍රා සංඛ්‍යාව 125 ක් බව නාවික හමුදා නිලධාරීන් පෙන්වා දුන්හ . රාජ්‍ය අමාත්‍යතුමාගේ නිරීක්‍ෂණයට ලක් වූ එම ඉන්දීය ධීවර යාත්‍රා අතුරින් ඇතැම් යාත්‍රා යකඩවලින් නිෂ්පාදනය කර ඇති බව අනාවරණය විය . මෙම යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සිමාවේ මත්ස්‍ය සම්පත නෙලාගැනීම සදහා තහනම් බොටම් ට්‍රොලින් පන්න ක්‍රමය භාවිත කරන බව ධීවර නිලධාරීහු පෙන්වා දුන්හ . එම පන්න ක්‍රමය හේතුවෙන් සාගර පතුලේ දැඩි පාරිසරික හානියක් වන බවත් , සාගර පරිසර පද්ධතිය මෙන්ම මත්ස්‍ය ගහනයට විශාල තර්ජනයක් එල්ලවන බවත් මෙහිදී ධීවර නියෝජිතයින් පෙන්වා දුන්හ .

නිලධාරීන් සහ ධීවරයින් නවරණය කළ කරුණු පිලිබදව දැඩි අවධානය යොමුකළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ පිලිබදව රජය දැනුවත් කර දෙරට අතර පවත්වන සාකච්ජා කඩිනම් කර ඉන්දීය ධිවරයින්ගේ පැමිණීම පාලනය සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත හැකි සියළු පියවර ගන්නා බවත් උතුරේ ධීවර ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර දෙන බවත් පැවසිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 4 =