එජාපයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම අද(19) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

අරලියගහ මන්දිරයේදී පස්වරු 4.00 සාකච්ඡාව ආරම්භ වේ.

හෙටින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ එක්සත් ජාතික පක්ෂ කටයුතු සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරන බව සදහන් වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලබන අවසන් තීරණයට අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =