ප්‍රතිකාර ගන්න පැමිණි තරුණ කාන්තාවක් රෝහලේ 06වැනි මහලෙන් බිම පනියි

(කොළඹ, ලංකාපුවත්) –බොරලැස්ගමුව පොලිස් වසමේ වේරහැර කොතලාවල රෝහලට ඇතුළත් කරන ලද වයස අවුරුදු 28ක් වන කාන්තාවක් එම රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී එම රෝහලේ සය වන මහලෙන් පහළට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිසියට ඊයේ (18) සවස 6.45ට පමණ තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මරණයට පත්ව ඇත්තේ අංක 180/01, මාලපල්ල පන්නිපිටිය ලිපිනයේ පදිංචි ක්‍රිස්ටියන් ප්‍රනාන්ඩෝ නැමැති කාන්තාවකි.

මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) දින සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × two =