ෂෙහාන් අඹේපිටිය මලල ක්‍රීඩාවෙන් සමුගනියි

(කොළඹ, ලංකාපුවත්) –දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කිරුළ පැලදි කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩාවෙන් සමුගනියි.

ඊයේ (19)සුගතදාස ක්‍රීඩාංගණයේ නිමාව දුටු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 තරගය ඔහු ධාවනයේ යෙදුණ අවසන් තරගය වේ.

29 හැවිරිදි ෂෙහාන් 2008 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මීටර් 100 හා මීටර් 200 රන් පදක්කම් දිනාගත් අතර මීටර් 100 සහාය දිවීමේ රන් පදක්කමට ද දායක විය. ඒ වෙද්දී ෂෙහාන් ලොව වේගවත්ම යොවුන් ක්‍රීඩකයන් අතර අටවැනි ස්ථානයේ පසුවිය.

ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කළ ෂෙහාන් ජැමෙයිකාවේදී කෙටිදුර ධාවනය පිළිබඳ පුහුණු වූ අතර ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *