‘අධ්‍යාපනය අලුත් කළ’ සිව් වසරක විප්ලවය

(කොළඹ, ලංකාපුවත්) –රටේ අනාගතය රඳා පවතින්නේ දරුවන්ගේ අනාගතය මතයි.
රටේ ඉදිරි ගමන වෙනුවෙන් දරුවන්ගේ අනාගතය හැඩගැස්වීම උදෙසා පාසල් අධ්‍යාපනය තුළින් ලබා දිය හැකි දායකත්වය ඉතා විශාලය.

නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන ලංකාව වැනි රටක අප මේ ජිවත් වන්නේ අධ්‍යාපනය සැබෑ ලෙස නිදහස්වන කාල වකවානුවකයි.
දේශපාලන සහ සමාජීය බලපෑම් හේතුවෙන් පාසල් අධ්‍යාපනය නිසි මගකට ගැනීමට ගත වූ වසර කිහිපයේ අපොහොසත් වූ අප, දැන් ගත කරනුයේ ‘බැහැ’ කී සියල්ල ‘කළ හැකි බව ‘ සනාථ කරන අවදියකය.
ගෙවී ගිය වසර හතරක කාලයක තුළ මෙරට පාසල් අධ්‍යාපනය ‘විප්ලවීය මාවතකට ‘ පිළිපන් අතර වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය ඊට ප්‍රධානතම සාධකය බවට පත් විය.
ගෙවුණු සිව් වසරේ මෙරට පාසල් අධ්‍යාපනයේ ක්‍රියාත්මකවූ ඉතිහාසගත වැඩසටහන් රැසකි.

• 13 වසරක සහතික කළ අධ්‍යාපනය

*සිසුන්ට තෝරාගතහැකි ලෙස නව ලොවට ගැළපෙන වෘත්තීය විෂයන් 26 ක් ඇතුළත් උසස් පෙළ වෘත්තීය විෂයධාරා හඳුන්වා දීම.

*මේ යටතේ සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා 13වසරක අධ්‍යාපනයක් ලැබීමට සිසුන්ට අවස්ථාව.
*වෘත්තීය විෂයයන් හදාරන සියලූ සිසුන්ට ආයතනික පුහුණු කාලය තුළ දිනකට රුපියල් 500 බැගින් වන දීමනාවක්
*රැකියාගත පුහුණු කාලසීමාව අවසානයේදී NVQ Level 4 මට්ටමේ ප්‍රවීණතා සහතිකය සමඟ විභාග දෙපාර්තමේන්තුවෙන් *වෘත්තිය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය පිරිනැමේ. (Advanced Certificate in Vocational Education)

• අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණයට

*ප්‍රථම වතාවට ලෝකයේ කොතැනක සිටියත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික ධභඛෂභෑ ක්‍රමයට ලබාගැනීමේ අවස්ථාව.
*අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හා ක්‍රියාමාර්ග, ගුරු ගැටළු ආදියට කඩිනමින් විසඳුම් ලබාගැනීමට හැකි අයුරින් මෙරට සියලූ ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ තොරතුරු ONLINE ක්‍රමයට.
*5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ONLINE ක්‍රමයට

• පාසල් අධ්‍යාපනයට නව පනතක

*යටත් විජිත සමයේ සිට පැවති 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත වෙනුවට දැනට තිඛෙන අධ්‍යාපනය හා සම්බන්ධ පනත්, ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්ති, අධ්‍යාපනය පිළිබඳ ගෝලීය ප්‍රවණතා හා දේශීය අවශ්‍යතා හඳුනාගනිමින් නව අධ්‍යාපන පනතක් ගෙන ඒමට පියවර.

• කලණ මිතුරු – පොත් සුමිතුරු

පාසල් සිසු දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ වසරේ වැඩිම පොත් කියවූ දරුවන්ට පදක්කම්
විශිෂ්ටයන් 100කට විදෙස් අධ්‍යාපන සංචාරයක්.
පාසල් පුස්තකාල පොත් මිළ දී ගැනීමට රුපියල් මිලියන 700 ක්.
ගුණාත්මක පොත්පත් හඳුනාගැනීම සදහා මගපෙන්වන ජාතික ග්‍රන්ථ නාමාවලියක්.

• ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන විෂයමාලා සංවර්ධනය

*21 වැනි සියවසේ ගෝලීය අභියෝගවලට සාර්ථක ව මුහුණ දිය හැකි පුරවැසියෙක් බිහිකිරීම සඳහා ගැළපෙන පරිදි පාසල් විෂය මාලාව නවීකරණයටත්, සංවර්ධනයටත් පියවර.
*විසිඑක්වන සියවසේ ගුරු භූමිකාවට උචිත පරිදි ගුරු අධ්‍යාපන විෂය මාලා සංශෝධනය හා යාවත්කාලීන කිරීම
විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත විෂය නිපුණතාවන්ට නැඹුරු අධ්‍යාපනයක් (STEM)
*යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නගා සිටුවීම

*විද්‍යාගාර පහසුකම් නැති පාසල් 3,000 ක් සදහා රුපියල් මිලියන 450 ජංගම විද්‍යා කට්ටල ලබාදීම
*ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකාගාර දේශන ශාලා සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
*අංග සම්පූර්ණ ගුරු පුහුණු මධ්‍යස්ථාන 39 ක් කලාප මට්ටමින් ඇති කිරීම
*වතු පාසල් නගාසිටුවීම යටතේ පාසල් 25 ක් ද්විතියික පාසල් බවට පත්කිරීමේදී අවශ්‍ය නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් *මිලියන 102ක් , පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35ක්, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට රුපියල් මිලියන 112ක්
*ඉ – තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4,714ක්

• ළඟම පාසල-හොඳම පාසල

*මේ යටතේ ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් 9000 ක් එකවර සංවර්ධනය කිරීමට පියවර.
*සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි.
*ව්‍යාපෘති සංඛ්‍යාව 18,000කි.(පාසල් 98%කට විදුලිය, සනීපාරක්ෂක පද්ධති 3,094ක්,වැසිකිළි ඒකක 40,000ක්, නව පාසල් ගොඩනැගිලි 1,500ක්, ගොඩනැගිලි අලූත් වැඩියා කිරීම් 5,000ක්,ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 294ක්, )
*මීට අමතර ව නව පරිගණකාගාර, සුහුරු පන්ති කාමර, ද්විතීයික තාක්ෂණික විද්‍යාගාර ගුරු නිවාස, විදුහල්පති නිවාස, මෙම ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇත.
*ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් සියලූ පහසුකම් සපිරි පාසල් ව්‍යුහයක් ඇති කිරීම(මේ යටතේ කුරුණෑගල මගුරුඔය වත්තේ විශ්වෝදා ජාතික පාසල ආරම්භ කර ඇත. ජන ඝනත්වය වැඩි අනෙකුත් දිස්ත්‍රික්කවල ද මේ වන විටත් මෙවැනි පහසුකම් සපිරි පාසල් ඉදි කිරීමට කටයුතු කිරමින් පවතී.)

• සුරක්ෂා සිසුරක්ෂණාවරණය

*නිදහස් අධ්‍යාපනයෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන, සුරක්ෂා සිසුරක්ෂණාවරණය මගින් අවුරුදු 5-21 වයස් සීමාවේ සිටින මිලියන 4.5ක් වූ සියලූම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ප්‍රතිලාභ හිමිවේ.
*2018-12-01 සිට 2019-08-08 දින වනවිට සුරක්ෂා රක්ෂණය යටතේ ඉල්ලීම් 19,000කට පමණ රුපියල් මිලියන 890ක පමණ ප්‍රතිලාභ ගෙවා ඇත.

• පාසල් සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක

*පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීමට පියවර.
*පළමු අදියර යටතේ මෙම සැත්තැම්බර් මාසයේදී සියලූ ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක 97,000ක්.
*දෙවන අදියරේදී සියලූම පාසල්වල උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක

•සුබග ශිෂ්‍යත්ව වැඩසටහන

*නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා දක්වන සුබග සිසුන් 1,000ක් වසරක් පාසා තෝරාගනිමින් ඔවුන් සඳහා රු. 50,000ක් බැගින් ශිෂ්‍යත්ව ලබා දීම.

• පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක්

*ඉතිහාසයේ පළමු වරට පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් බඳවාගැනීම
*මෙම පුහුණුකරුවන් තෝරාගනු ලැබූවේ ක්‍රීඩා ක්ෂේත්‍රයන් ජාත්‍යන්තර, ජාතික හා පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වීම විශේෂත්වයකි.

• බඳවාගැනීම් සහ දීමනා

*ගුරුවරුන් – 20,110
*ගුරු අධ්‍යාපනඥයින් – 353
*විදුහල්පතිවරුන් – 5,819
*අධ්‍යාපන පරිපාලන නිලධාරීන් – 722

*විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 4,286කට සැත්තැම්බර් මාසයේ දී ගුරුපත්වීම් ලබාදීටම පියවර
*ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව ස්ථාපිත කරමින් ගුරු උපදේශකයින් 4,471බඳවාගැනීමට පියවරගෙන ඇත
*විදුහල්පතිවරුන් සඳහා පැවති දීමනාව රු 750 සිට රු 6,500 දක්වා වැඩි කිරීම
*විද්‍යාපීඨ සදහා බදවාගන්නා ශික්ෂණලාභීන් ප්‍රමාණය 3,500 සිට 4,000 දක්වා වැඩි කිරීම.
*එකවර සිසුන් 8,000ක් මෙවර විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම.
*විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රු. 3,500 සිට 5,000 දක්වා වැඩි කිරීම
*වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රු. 6,000 සිට 10,000 දක්වා වැඩි කිරීම

• මානව සම්පත් සංවර්ධනය

*ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ විදෙස් පුහුූණු අවස්ථා සඳහා කරන ලද වියදම රුපියල් මිලියන 269ක්
*සිංගප්පූරුව, ඕස්ටේ්‍ර්‍රලියාව,ජපානය,කොරියාව,පිලිපීනය,ඉන්දියාව,බි්‍රතාන්‍ය රුසියාවතායිලන්තය, මැලේසියාව, චීනය යන විදෙස් රටවල පුහුණුව ලැබූ ගුරු, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන නිළධාරීන්ගේ සංඛ්‍යාව 2,913කි
( • ගුරු 653 • විදුහල්පති 719 • ගුරු අධ්‍යාපනඥ 1,023 • අධ්‍යාපන පරිපාලන 418)

• පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම

*පිරිවෙන් පුස්තකාල පොත් සහ කාර්යාල උපකරණ සඳහා රුපියල් මිලියන 10 ක්
*පරිවෙණාචාර්ය පත්වීම් 600ක්
*පරිවේණාධිපති කාර්යාල සෑදීම සඳහා රුපියල් මිලියන 70 ක ප්‍රතිපාදන
*රුපියල් 260,000 බැගින් පිරිවෙන් 485 ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 200ක්
*රුපියල් ලක්ෂ 9 ක් වටිනා සනීපාරක්ෂක පහසුකම් පිරිවෙන් 100 ක් සඳහා ලබා දීම
*පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලූම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 150ක් ලබාදීමට පියවර
*බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම සහ එම ආයතනවල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර

• ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

*ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිම
*එකම පාසලක සේවා කාලය වසර 10ට වැඩි සියලූ ගුරුවරුන්ට ස්ථාන මාරු
*ජාතික අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අධ්‍යාපනවේදී උපාධිය තෙක් ඉහළ නැංවීම
*නිල ඇදුම් රෙදි වෙනුවට පාසල් දරුවන් සදහා නිල ඇදුම් වවුචර පත් ලබාදීම
*පළවෙනි ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමට පැවති ක්‍රමවේදය සාධාරණ සහ යුක්ති සහගත ලෙස සංශෝධනය කිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *