ආදි මානවයාගේ සොහොන් බිමක් නකල්ස් වනයෙන්

(කොළඹ, ලංකාපුවත්) –හමුවෙයිනකල්ස් වනාන්තරය ආශ්‍රිතව ලකේගල ප්‍රදේශයේ සිදු කළ ගවේෂණයකින් මෙරට ආදිමානවයා පිළිබඳව සාධක රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

දින හතරක කෙටි ගවේෂණයේදී වනාත්තරය ඇතුළත ගල්වලින් නිර්මාණය කළ වටකුරු ස්මාරකයක් හමුව ඇති අතර පැරණි සුසාන භූමියක්ද හමුව තිබේ. එම සුසාන භූමියේ ඇති සුසානයන් අතිශය පැරණි බවත් කඳු ආශ්‍රිතව කණු විශේෂයක් ඉදිකර ඇති අතර එමඟින් ඉහළ සිට පහළට ජලය ගෙනැවිත් ඇති බවට සිතිය හැකි සාධක කැණීම්වලදී අනාවරණය වී ඇති බවත් රාජ් සෝමදේව මහතා පැවසීය.

එසේම වනාන්තරය තුළ ගල්වලින් ඉදිකර ඇති දැවැන්ත තාප්පයක් වැනි චතුරශ්‍රාකාර ව්‍යුහයක් දක්නට ඇති බවත් කඳුකර ප්‍රදේශවල ජීවත් වූ මෙරට ආදි මානවයාගේ ජීවිතය පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙම සොයාගැනීම් ප්‍රබල පිටුවහලක් වන බවත් එම ප්‍රදේශයේ පුරාණයේ ජනාවාස පැවති බවට සාධක හමු වූ බව මූලික විමර්ශනයේදි අනාවරණය වූ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රමානුකූලව ගවේෂණ සිදු කරන අතර දැනට දින දහයක මූලික ගවේෂණයක් සිදු කිරීමට නියමිත බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =