ඡන්දයට සූදානම් – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

එම මැතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. ජයග්‍රහණය සඳහා නව සන්ධානයක් පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියේය.

අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඊයේ(19) රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ ආරම්භ විය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ වසර සඳහා ක්‍රියාත්මක කළ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන හා එහි ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි. කළුතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙහිදී පිරිනැමුණි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන් සමඟ සුහද කතාබහකද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − fifteen =