රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 22 වනදා වර්ජනයකට සුදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළඹෙන 22 වන බ්‍රහස්පතින්දා දින දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරයි.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය දේශපාලනය මත පදනම් වූ අසාධාරණ වර්ජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියේය. මෙම වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහාය හිමි නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =