වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා අම්බලන්ගොඩ – කුලීගොඩ මංසන්ධියේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු ඊයේ(19) හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මතයි. සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 63ක් සහ සිමා කඩ්පත් 14ක් ද සොයා ගැනිණ.

පසුගිය 03 වැනිදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. ඝාතනයට ලක්වූ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් 44 හැවිරිදි තිළිණ රුවන් තිහාර ජයරත්න නැමැති කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + twelve =