පෑලියගොඩ නිවාස පෙළක හදිසි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –පෑලියගොඩ පොලිස් වසමේ පෝරණුකොටුව වත්තේ නිවාස පේළියක හටගත් හදිසි ගින්නකින් නිවාස 14 කට පමණ හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ (19) රාත්‍රී 7.40 ට පමණ මෙම ගින්න හට ගෙන ඇතැයි ‍පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී තිබේ.

පෑලියගොඩ පොලීසිය හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර පෑලිය‍‍ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *