(කොළඹ, ලංකාපුවත්) – අම්පාර – උහන ගුවන් හමුදා කදවුරේ අද(20) පෙරවරුවේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
පැරෂුට් පුහුණුවක නිරතව සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඔහු බිම ඇද වැටී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
වයස අවුරුදු 42ක් වූ චම්පික කුමාරසිංහ නැමැති කමුරුපිටියේ පදිංචි යුද හමුදා සෙබලෙක් මෙලෙස මිය ගොස් ඇත.