වෘත්තීය විෂය ධාරා හදාරන පාසල් සිසුන්ට විශේෂ දීමනාව ලබාදීම ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ පුහුණුව ලබන සිසුන්ට දෛනික දීමනා ලබාදීම අද(20) සිට ආරම්භ කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඊට අදාළ බැංකු පොත් ප‍්‍රදානය පැවැත්වෙන්නේ අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදීය.

දහතුන් වසරක අධ්‍යාපනය සුරක්ෂිත කිරිම එහි අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

වෘත්තීය විෂය ධාරාව යටතේ සිසුන්ගේ කැමැත්ත පරිදි විෂයන් 26ක් තෝරා ගැනිමේ පහසුකම් සළසා තිබේ. ළමා මනෝ විද්‍යාව, ප‍්‍රසාංගික කලාව සහ ඉදිකිරිම් තාක්ෂණ අධ්‍යනය ද ඊට අයත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *