අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යන්න අවධානය යොමුව තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) – රට අපනයන ආර්ථිකයක් කරා ගෙන යෑම පිළිබඳ මේ වන විට විශේෂ අවධානයක් යොමු වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

රටේ ශ්‍රම බළකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ ‘මෙහෙවර පියස’ ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙයන් ඊයේ (20) පෙරවරුවේ විවෘත වු අවස්ථාවේ පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා මේ බව පැවසීය.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථාන ගත කැර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් ද, මහල් 5කින් යුත් රථ ගාලක් මෙන්ම මහ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම් ද නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කැර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කැර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. උත්සව සභාව ඇමැතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

පසුගිය අවුරුදු පහේ ආර්ථිකය සකස් කෙළේ දෙවනුව අපනයන ආර්ථිකයට යෑමටයි. රටේ ආර්ථිකය සකස් වුණේ ප්‍රශ්න ගණනාවක් තිබිය දී. ප්‍රශ්න කෙතරම් තිබුණ ද රටේ ජනතාවගේ ආදායම වැඩි කළ යුතුයි.

අද අපිට අපේ ශිල්ප දැනුම වැඩි කිරීමට මෙන්ම ශිල්ප දැනුම සමඟ ආදායම් වැඩි කිරීමත් කළ යුත වෙනවා. එසේ නොවුනහොත් ඔවුන් වෙනත් රටවල් කරා ගොස් රුකියා බලාපොරොත්තු වීම සිදු විය හැකියි. එම නිසා ආදායම් වැඩි කිරීමේ ක්‍රමවේදයන්ට දැන් යා යුතුව තිබෙනවා.

සේවක පිරිස වැඩිවීමත් සමඟ සේවක ආරක්ෂණය සේම සේවක පිරික්සුම් මේ රටේ ආර්ථික නවීකරණයට ඒ වගෙම සූදානම් කරන්නට සිදුවෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *