ට්‍රම්ප්, ඩෙන්මාර්ක් සංචාරය අවලංගු කරයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙන්මාර්කයේ සංචාරය අවලංගු කර තිබේ.

ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මස දෙවන දා ඩෙන්මාර්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණි. ඒ ඩෙන්මාර්ක් රැජිනගේ ආරාධනයකට අනුවය. එහෙත් ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් අමෙරිකා ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා තිබුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සදහන් කර තිබුණේ ග්‍රීන්ලන්තය මුදලට ගැනීමට සූදානම් බවයි. එම ප්‍රකාශයට ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබුණේ එසේ මිලදී ගැනීමට ග්‍රීන්ලන්තය භාණ්ඩයක් නොවන බවයි.

මෙම මත ගැටුම හේතුවෙන් අමෙරිකා ජනාධිපතිවරයාගේ ඩෙන්මාර්ක් සංචාරය අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =