යුද හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් – විදේශ අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවත් විදේශීය පාර්ශ්වයන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස් වීම් පිළිබඳ අභ්‍යන්තරික පරිපාලන කටයුතුවලට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්තිසහගත නොවන බවත් එය පිළිගත නොහැකි ක්‍රියාවක් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීමෙන් අනතුරුව පළ වූ අදහස් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මේ බව පවසා ඇත.

චෝදනා මත පමණක් පදනම්ව ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දීම කනගාටුවට කරුණක් වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ සියලු වගකිවයුතු සාමාජිකයන් අනුගමනය කරන සාමාන්‍ය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට එය පටහැනි ක්‍රියාවක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *