ඉන්දියාවෙන් යැවු ‘චන්ද්‍රයාන් 02‘ චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව අභ්‍යාවකාශ ගතකළ “චන්ද්‍රයාන් දෙක යානය” ඊයේ (20) පළමු වරට චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වී තිබේ.

“චන්ද්‍රයාන් දෙක යානය” ඉන්දියාව විසින් අභ්‍යාවකාශ ගතකරනු ලැබුවේ ඉකුත් ජූලි මස 22වනදා ය. ඒ අනුව මාසයකට ආසන්න කාළයකදී යානය චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීම විශේෂත්වයකි. චන්ද්‍රයාගේ දක්ෂිණ ද්‍රැවයට යානය ගොඩබැස්වීම අරමුණ වේ.

බොහෝ දුරට සැත්තැම්බර් 06 හෝ 07 චන්ද්‍රයාන් දෙක යානය සඳ මතට ගොඩබැස්වීමට හැකි වනු ඇති බව විද්‍යාඥයින් විශ්වාසය පළ කරයි. එසේ වුවහොත් සඳ මතට යානයක් ගොඩ බස්වන සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *