ගෙවුණු පැය 24 තුළ බීමත් රියදුරන් 193ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – පැය 24 කදී බීමත් රියදුරන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) පෙරවරු හයේ සිට අද (22) පෙරවරු හය දක්වා කාලය තුළ දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ජුලි පස්වනදා ය. එදින සිට මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු බීමත් රියදුරන් සංඛ්‍යාව 9885 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − six =