ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නව තානාපතිනිය UN මහලේකම් හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නව තානාපතිනි ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න මහත්මිය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී හමුව තිබේ.

එක්සත් ජාතිනිගේ නව තානාපති සහ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සෙනෙවිරත්න මහත්මිය සිය අක්තපත්‍ර මහලේකම්වරයාට එහිදි භාර දී ඇත.

අගෝස්තු 05 වෙනි සඳුදා නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය දූත මෙහෙවරේ දී සෙනෙවිරත්න මහත්මිය සිය රාජකාරි ආරම්භ කළේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරමින් ආගමික උත්සවයකින් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *