ඉන්දියාවේ හිටපු මුදල් ඇමතිවරයා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ හිටපු මුදල් ඇමති පලනිඅප්පාන් චිදම්බරම් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඇමති ධුරය දැරූ සමයේ සිදු කළ මුල්‍ය වංචාවලට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

73 හැවිරිදි හිටපු ඇමතිවරයා විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකි. 1984 වසරේ සිට අවස්ථා කිහිපයක දී ඔහු ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් හිටපු අමාත්‍ය චිදම්බරම් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *