ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සේවා දිගුවක්

(කොළඹ, ලංකාපුවත්) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මෙම සේවා දිගුව ලබා දි තිබේ.

1980 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ඔහු නාවික හමුදාවට එක් විය. ඒ ත්‍රිකුණාමලය නාවික සමුද්‍රීය ඇකඩමියට ඇතුලත් වෙමින් ය.

2014 ජුලි 07වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස ඔහු පත් කෙරුණු අතර වයිස් අද්මිරාල් තනතුරට උසස් කර 2015 ජුලි 11වන දින නාවික හමුදා ලෙස පත් කෙරුණි.

විජේගුණරත්න මහතාව අද්මිරාල් නිලයට උසස් කරනු ලැබුවේ 2017 අගෝස්තු 18වැනි දිනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *