දඹුල්ල-හබරණ මාර්ගයේ අනතුරකින් 22කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය පොලිස් වසමේ දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද (23) උදෑසන 06.00ට අනතුරක් සිදුව ඇත.

ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වු ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී බස් රථය පෙරළී යාමෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අනතුරින් වෑන් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු ඇතුළු මඟීන් 22 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *