අදත් ප‍්‍රදේශ රැසකට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – පළාත් කිහිපයකට අද (26)පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හා වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල පැ.කිලෝමීටර් 30-40ත් අතර වේගයකින් සුළං නිරිත දිගින් හමා එනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ. ඌව පළාතේ හා අම්පාර මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මීටර් 75ක පමණ තද වැසි අපේක්ෂා කරයි.

හම්බන්තෙට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශයේ හා පුත්තලම සිට මන්නාරම හා කන්කසන්තුරය ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං හමනු ඇත. එවිට එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 13 =