මද්‍යසාර භාවිතයෙන් දිනකට 60ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දුම්වැටි සහ මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට මෙරට තුළ පුද්ගලයන් 50ත් 60ත් අතර ප්‍රමාණයක් මියයන බවත් මෙරට තුළ දෛනිකව දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය සඳහා රුපියල් කෝටි 99කට ආසන්න මුදලක් ජනතාව විසින් වැය කරන බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන සහ පරිපාලන අංශයේ අධ්‍යක්ෂ සම්පත්ද සේරම් මහතා පෙන්වා දෙයි.

එම මධ්‍යස්ථානය සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර එහිදී තවදුරටත් අනාවරණය වූයේ පසුගිය කාලය තුළ මෙරට දුම්වැටි භාවිතය වාර්තාගත ලෙස අඩු වී ඇති බවයි. එසේම මෙරට ජනගහනයෙන් සියයට 15ක් දුම්වැටි සඳහා ඇබ්බැහි වී ඇති බවත් සියයට 18කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යසාර සඳහා ඇබ්බැහි වී ඇති බවත් ඒ මහතා පැවසීය.

දුම්වැටි සහ මධ්‍යසාර සඳහා වියදම් කරන මුදල් සියල්ල ගලා යන්නේ විදේශීය සමාගම්වලට බැවින් එම මුදල් ඉතිරි කර ගත හැකි නම් විශාල සමාජ සේවයක් කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =