එජාපෙ සාකච්ඡාව පැය 02කට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා අමාත්‍යවරුන් අතර හමුවක්ද ඊයේ (26) පස්වරුවේ පවත්වා තිබුනි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් හා අමාත්‍යවරුන්ගේ මෙම හමුව අරලියගහ මන්දිරයේදී පවත්වා තිබුනේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී එක්සත් ජාතික පෙරමුණ සහ සෙසු පක්ෂ සමඟ ඇති කර ගැනීමට නියමිත සන්ධානය පිළිබඳව සහ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා වූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − four =