පලෙයි ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු ආයුධ රැසක් සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –මේවන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ යාපනය පොලිස් ස්ථානයේ රදවාගෙන සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් ගෙන් හෙලිකර ගත් කරුණු අනුව ආයුධ ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිව ඇත.

ඒ අනුව පලෙයි පොලිස් වසමේ කරන්ඩිය ප්‍රදේශයේ සඟවා තිබු ඒ.කේ.47 වර්ගයේ ගිනි අවියක්, එම අවි වලට යොදා ගනු ලබන මැගසින් දෙකක්, සජීවී පතොරම් 120ක්, ජිව අත්බෝම්බ 11ක්, PE 10 වර්ගයේ බවට සැකකෙරෙන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10ක්, දුර දක්නයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + twenty =