පාකිස්තානය, ශ්‍රී ලංකාවේ සම්බන්දතා ඉතා ඉහළින් අගයයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාව සමඟ පවතින සම්බන්ධතා වඩාත් තහවුරු කරගන්නා බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කරයි.

පාකිස්තානයේ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අක්ෂි කුනීත පරිත්‍යාග කිරීමේ අවස්ථාවකට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසකට අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා අක්ෂි පරිත්‍යාග සංගමයේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබුනි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී දෙරට අතර පවතින්නේ දීර්ඝ කාලීන සම්බන්ධතාව සිහිපත් කළේය. ද්විපාර්ශවික, කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මානුෂීය පදනම මත අක්ෂි කුනීත සැපයීම මහඟු පියවරක් වන අතර එමඟින් ජනතාවට නැවත පෙනීම ලබා ගත හැකි බවත් ශ්‍රී ලංකාවේ මෙම මානුෂීය මෙහෙවර ඉතා ඉහළින් අගය කරන බවත් ඉම්රාන් ඛාන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *