වසරේ තේ ආදායම සරු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා පළමු මාස 07 තුළ තේ අපනයන ආදායම රුපියල් බිලියන 141.4 දක්වා වැඩි වී ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 7.6ක වර්ධනයක් බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට 2019 වර්ෂයේ මුල් මාස 07 සඳහා තොග වශයෙන් අලෙවි වන තේ මෙට්‍රික් ටොන් 70,279ක්, තේ පැකට් මෙට්‍රික් ටොන් 80,524ක්, තේ බෑග් මෙට්‍රික් ටොන් 13,466ක්, ක්ෂණික තේ මෙට්‍රික් ටොන් 1,789ක් සහ ග්‍රීන්ටී මෙට්‍රික් ටොන් 2,978ක් මෙලෙස අපනයනය කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කරන විශාලතම ගැනුම්කරුවා වන ඉරාකය 2018 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 22,920ක්ද 2019 වර්ෂයේදී ජූලි මාසය වන විට තේ මෙට්‍රික් ටොන් 22,662ක්ද මිලදී ගෙන කර තිබේ. එසේම 2018 වර්ෂයේදී තුර්කිය තේ මෙට්‍රික් ටොන් 21,208ක්ද 2019 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 20,231ක් මිලදී ගෙන ඇති අතර රුසියාව 2018 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 17,313ක්ද, 2019 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 18,978ක්ද මෙලෙස මෙරටින් මිලදීගෙන ඇත. ඉරානයට 2018 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 12,224ක් සහ 2019 වර්ෂයේදී තේ මෙට්‍රික් ටොන් 13,359ක් මෙරටින් අපනයනය කර ඇත.

2019 වසරේ ජනවාරි සිට ජුලි මස දක්වා කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 184ක් දක්වා කිලෝග්‍රෑම් මිලියන 1.9කින් වර්ධනය වී ඇති බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.
තේ පැකට් සහ තේ බෑග් අපනයනෙහි වර්ධනය පෙන්නුම් කළද තේ තොග අපනයනයෙහි 1.5%ක පමණ සුළු පසුබෑමක් පෙන්නුම් කරන බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *