හොංකොං ක්‍රීඩකයින් දෙදෙනෙක්ට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – හොංකොං ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ඉර්ෆාන් අහ්මජ් සහ නදීම් අහ්මඩ් යන සොහොයුරන්ට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තරග තහනමක් පනවා තිබේ. ඒ මුදලට තරග පාවදුන් බවට තහවුරු වීම හේතුවෙනි.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ(27) මේ බව නිල වශයෙන් නිවේදනය කළේය. එම නිවේදනයේ දැක්වෙනුයේ පසුගිය වසර දෙකක කාලය තුළ ඉර්ෆාන් අහ්මඩ් සහ නදීම් අහ්මඩ් මුදලට තරග පාවාදුන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය තහවුරු කර ඇති බවය.

29 වැනි වියෙහි පසුවන ඉර්ෆාන් අහ්මඩ් හොංකොං කණ්ඩායම නියෝජනය කරන ලද්දේ ආරම්භක පිතිකරුවෙක් ලෙසය. එසේම 31 හැවිරිදි නදීම් අහ්මඩ්, වමත් දඟපන්දු යවන්නෙකි.

මේ අතර හොංකොං කණ්ඩයමේ හසීබ් අම්ජාඩ් ට ද වසර 05ක තරග තහනමක් පනවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *