බුත්තල රක්ෂිතයක හදිසි ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) –බුත්තල පොලිස් වසමේ වෙළන් ආර කන්ද රක්ෂිතයේ ඊයේ(27) රාත්‍රී 8ට පමණ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

බුත්තල පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලීසිය පැලවත්ත සීනි සමාගමේ ජල බවුසර් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇත.

ගින්න හේතුවෙන් ජීවිත හානි හා දේපල හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *