2022 වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක්

(කොළඹ, ලංකාපුවත්) –2022 වසර වනවිට ශ්‍රී ලංකාව තෙල් හා ස්වභාවික වායු නිපදවන රටක් බවට පත්කරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රජය හා ලොව ප්‍රමුඛතම තෙල් සමාගමක් වන ටෝටල් සමාගම එක්ව ශ්‍රී ලංකා ද්‍රෝණියේ ඛණිජ සම්පත් ගවේෂණය සදහා ගිවිසුම් අත්සන් කිරීම මහාමාර්ග හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.

අමාත්‍ය කබීර් හෂීම් මහතා හා ටෝටල් ඊ ඇන්ඩ් පී සහ ඉකියුනෝ අසා සමාගම්වල නිලධාරීන් මෙහිදී ගිවිසුමට අත්සන් තබන ලදි.

නැගෙනහිර අක්වෙරළ කලාපයේ ජේ 5 සහ ජේ 6 ලෙස හඳුනාගෙන ඇති කොටස් දෙකක තෙල් හා ගෑස් ගවේෂණය මෙම ගිවිසුම මගින් ආවරණය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *