ගල් අගුරු මිලදී ගැනීම්වලින් රුපියල් බිලියන දෙකක මුල්‍ය වාසියක්

(කොළඹ, ලංකාපුවත්) – ගල් අගුරු මිලදි ගැනීම පුර්ණ විනිවිද භාවයකින් යුතුව සිදුකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

විදුලි නිෂ්පාදනය වෙනුවෙන් සිදුකරන ගල් අගුරු මිලදී ගැනීමේදි ඩොලර් මිලියන 18 යි දශම හතරයි දෙකක ලාභයක් හිමිකරගැනීමට හැකිවු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගල් අගුරු ආනයනය කිරීමේ ක‍්‍රියාපටිපාටිය සිදුවන්නේ තමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ බව ද රවී කරුණානායක මහතා කියා සිටියේය.

“ඒ අනුව මෙම ගල් අඟරු ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය තමාගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත සිදුවන බවත්, ඒ අනූව ගිය වාරයේ (2018/2019) පෙබරවාරි මස අවසාන ටෙන්ඩරයට වඩා 2019/08/16 වන දින පැවති ටෙන්ඩරය (2019/2020) මෙට්‍රික් ටොන් 1ක් සදහා ඩොලර් 18.42 ක මිල අඩුවකට ලබාදීමට හැකියාව ලැබී ඇති බවත් පවසන විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා, ඒ අනූව 2019/2020 වාරයේ පලමු ටෙන්ඩරයෙන් පමණක් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් (රු. 992,966,940/=) රටට ඉතිරි කිරීමට හැකියාව ලැබී ඇති අතර සුපුරුදු පරිදි 2019/2020 වාරය සඳහා සැප්තැම්බර් මාසයේ සිට ගල් අඟුරු ගෙන ඒම සදහා අවශ්‍ය සියළු කටයුතු සැලසුම් කර ඇති බවද” ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *