සෑම පාසලකම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – සැම පාසලකම ඩෙංගු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කරයි.

බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එය සිදුවන්නේ අද (29) සහ හෙට (30). පාසල් ආරම්භ වීමට පෙර සියලු දිස්ත‍්‍රික්වල මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිම අපේක්ෂාව වේ.

මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගින් හතළිස් දහසකට වැඩි පිරිසක් වාර්තා වූ බව විශේෂඥ වෛද්‍ය ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine + three =