කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට

(කොළඹ, ලංකාපුවත්) – 2019 කොළඹ ආරක්ෂක සමුළුව අද (29) ආරම්භ වේ. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ය.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් මෙවර සංවිධාන කරනු ලබනුයේ 09 වන වරටය.

ඒ පිළිබඳ කරුණු දැක්වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශය වන හමුදාවේ විශිෂ්ටත්වය යන තේමාව යටතේ විවිධ විෂයන්ට අයත් කරුණු මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි. විශේෂයෙන් ජාතික කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාව වටපිටාවක් ගොඩනගා ගැනිමට අදාල ජාතක හා ජාත්‍යන්තර තලයේ විසදුම් ද මෙම සමුළුවේදි සාකච්ඡාවට භාජනය කිරිමට නියමිත ය.

විදේශීය විද්වතුන් 13 දෙනෙකු දේශීය කථිකයින් 12ක් ඇතුළු නියෝජිතයින් 800ක් පමණ මෙම සමුළුවට එක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *