යාල දෙමසකට වැසේ

(කොළඹ, ලංකාපුවත්) – යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් පළමුවැනිදා සිට මාස දෙකක් සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෑම වසරකදීම මේ ආකාරයෙන් වනෝද්‍යානය වසා දැමෙන අතර රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබේ.

කෙසේ නමුත්, මෙවර රුහුණු (යාල) ජාතික වනෝද්‍යානය වසා දැමීමෙන් තමන්ගේ ජීවන තත්ත්වයට දැඩි පහරක් එල්ල වන බව යාල ජාතික උද්‍යානයේ සෆාරි ජීප් රථ සංගමය පවසයි. පසුගිය මාස කීපය තුළ ආරක්ෂක හේතුන් මත වනෝද්‍යානයට සංචාරකයින් නොපැමිණීම හේතුවෙන් හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක් වී සිටින බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 5 =