ලොව වේගවත්ම මෝටර් රථ ධාවන ශූරිය මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකානු මෝටර් රථ ධාවන ශූරියක වන ජෙසී කොම්බ්ස් රිය අනතුරකින් මිය ගොස් තිබේ.

ජෙසී කොම්බ්ස් ලොව වේගවත්ම මෝටර් රථ ධාවන ශූරිය ලෙස හැදින්වේ. අධිවේගී රිය ධාවනයක නිරත වෙමින් සිටියදී ඔරිගන් ප්‍රාන්තයේදී සිදු වූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වූ බව ඇයගේ පවුලේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කර ඇත.

මිය යනවිට ඇය 39 වන වියෙහි පසුවිය. ජෙසී කොම්බ්ස් රූපවාහිනී වැඩසටහන් සම්පත් දායිකාවක ලෙසට ද විශාල ජනප්‍රසාදයක් හිමිකරගෙන සිටියේය.

2013 වසරේ දී පැයට කිලෝමීටර් 641 ක වේගයකින් මෝටර් රථය ධාවනය කරමින් වාර්තාගත ජයග්‍රහනයක් ලැබීමට ඇය සමත්විය. ඇය ලෝක වාර්තා වන පැයට කිලෝමීටර් 824 ක වේගය ඉක්මවා යාමට උත්සාහ ගත් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

1976 වසරේ කිටී ඕනීල් නමැති ධාවන ශූරිය මෙම ලෝකවාර්තාවට හිමිකම් කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 11 =