තායිලන්ත රජ මාලිගාවේ වෙබ් අඩවිය බිඳවැටෙයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්ත රජතුමාගේ පෙම්වතියගේ දුර්ලභ ඡායාරූප පෙළක් පළ කිරීමත් සමඟ අති විශාල පිරිසක් මාලිගාවේ වෙබ් අඩවියට පිවිසීම හේතුවෙන් එම වෙබ් අඩවිය බිඳ වැටී ඇති බව වාර්තා වේ.

ප්‍රහාරක ගුවන් නියමු ඇඳුමකින් සහ ආයුධ සන්නද්ධ හමුදා ඇඳුමකින් සැරසී සිටින 34 හැවිදිරි සීන්නීනාත් වොන්වෂිරාපක්දි (Sineenat Wongvajirapakdi) ‍ගේ ඡායාරූප මෙසේ පළ කර තිබිණි.

67 හැවිදිරි තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු සුතිදා රැජින සමග විවාහ වී දෙමසකට පසු පසුගිය ජූලි මස සීන්නීනාත් වොන්වෂිරාපක්දිට සිය නිල සහකාරිය තනතුර පිරිනැමීය. සුතිදා රැජින ඔහු‍‍ගේ සිව් වැනි බිරිඳය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 3 =