විදුලි සෝපානයක සිරවූ පාප් වහන්සේව ගිනිනිවන භටයින් බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) –අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගියදා විදුලි සෝපානයක සිරවීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

විනාඩි 25කට පසු උන්වහන්සේව බේරා ගෙන ඇත්තේ, ගිනි නිවන භටයින් විසිනි.

“දයාබර සහෝදරයා, සහෝදරිය. සුබ උදෑසනක්. පමාවීම ගැන පළමුවෙන්ම මම ඔබෙන් සමාව ඉල්ලිය යුතුයි. මට අනපේක්‍ෂිත සිද්ධියකට මුහුණ දීමට සිදුවුණා. මම මිනිත්තු 25ක කාලයක් විදුලි සෝපානයක සිරවී සිටියා. දෙවියන්ට ස්තූතිවන්ත වන්න ගිනි නිවන භටයින් පැමිණියා. මම ඔවුන්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. විනාඩි 25 කට පසු ඔවුන් විදුලි සෝපානය යථා තත්වයට පත් කළා. ඔවුන්ට අත්පොලසන් නාදයක් ලබා දෙන්න“ යැයි උන් වහන්සේ ඉල්ලීමක් ද කර තිබේ.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම සිද්ධියට මුහුණ දුන්නේ, ශාන්ත පීතර චතුරඝ්‍රයේ සතිපතා පැවැත්වෙන දේශනයට පැමිණෙන අතරතුරදීය. ඉදිරි මසදී රෝමානු කතෝලික නව කාදිනල් හිමිවරුන් දස දෙනෙකු පත් කරන බව අසූ දෙහැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ජනතාව හමුවේ කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 16 =